Saturday, June 30, 2012

වින්ඩෝස් Service pack 2 සිට 3 ට වෙනස් කිරීම( කිසිම install කිරීමක් නැතිව)



සමහර සොෆ්ට්වරේ ඉන්සල්ල් කිරීමේදී වින්ඩෝස් සෙර්වික් පච්ක් 3 තිබිය යුතුයි( උදාහරණ:Microsoft visual express 2010, Project managemet etc) . අපිට එය පහසුවෙන්ම ක්රරන්න පුළුවන් windows registry කිරීමෙන්.
windows registry වෙනස් කිරීමට කලින් එහි backup තබා ගැනීම නුවන්ට හුරුයි.
1 පියවර: start -> Run ගිහින් regedit යනුවෙන් ටයිප් කර Enter බට්න් එක ප්‍රෙස් කරන්න .
               එවිට ඔබට Registry window එක දැක ගන්න පුළුවන්.
2 පියවර: ඉන්පසු HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\ Control\windows වෙත යන්න.
3 පියවර:  එහි CSDVersion උඩ right click කර modify ගොස් එහි 200 අගය 300 ට වෙනස් කරන්න.
4 පියවර: registry editor එකෙන් ඉවත් වන්න.
5 පියවර: පරිගණකය Restart කරන්න.
දැන් ඔබට windows service pack 3 ඉල්ලන software install කරන්න පුළුවන්. 

Thursday, August 4, 2011

ජංගම දුරකථන බැටරි වර්ග

ජංගම දුරකථන යනු අපට නුහුරු දෙයක් නොවේ. මෙහෙදී බලපොරොත්තු වන්නේ ජංගම දුරකථන භාවිත කරන ගොඩක් අයට වැදගත් දෙයක ගැන ඒ තමයි ජංගම දුරකථන බැටරි වර්ග.
බැටරි නිර්මාණ කරුවන් බලොපොරොත්තු වන්නෙ ප්‍රමණය අඩු කර බැටරි එකේ ධාරිතාව වැඩි කරන්න , ආයු කාලය වැඩි කරන්න සම්බන්දයෙන් ගොඩක් සැලකිල්ලක් දක්වනවා, ඒ අනුව කාලයත් සමග තාක්ෂණයේ දියුණුවත් සමග බැටරි එකේ තාක්ෂණයත් දියුණු වුනා.

තාක්ෂණය අතින් ප්‍රධාන වශයෙන් වර්ග 4 කට බෙදන්න පුළුවන්

1)Nickel Cadmium (NiCd) Batteries

මේ බැටරි එක තමයි ජංගම දුරකථන ආරම්භයේදීම හදුන්වා දුන් බැටරි එක. ගොඩාක් පරණ ජංගම දුරකතනවල අපිටම මෙම NiCd බැටරි එක දකින්න පුළුවන්.මේ බැටරි මිල අතින් නම් අනෙක බැටරි වලට වැඩ අඩුයි, නමුත් මේ බැටරි වල තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි බැටරි එක ආරෝපණය කිරීමට පෙර සම්පුර්ණයෙන්ම විසර්ජනය කර තිබිය යුතු වීමයි.නැතහොත් එය බැටරි එකේ ආයු කාලය එකමනින් නැති වීමට බලපානවා. අවම වශයෙන් සෑම ආරෝපණ වාර 2 කට 1 සැරයක් වත් බැටරි එක සම්පුර්ණයෙන්ම විසර්ජනය කර තිබීමෙන් බැටරි එකේ කාර්යක්ෂම තාවක් ලබා ගන්න පුළුවන්.
බාගෙට විසර්ජනය කර ආරෝපනය කිරීමෙන් සිදු වන්නෙ Memory Effect කියන සංසිද්දිය ඇති වීමෙන් කාලයත් සමග බැටරි එකේ කාර්යක්ෂම තව ධාරිතාව නැති වී යනවා. ඒ වගේම තවත් අවාසියක් තමයි මෙහි තියෙන Cd නමැති මූල ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් පරිසරයට හානි වීම . මෙම බැටරි වර්ගය පරිසර හිතකාමී නොවේ.


2)Nickel Metal Hydrid (NiMH) Batteries

මේ බැටරි වර්ගය NiCd බැටරි වලට වැඩ හොදයි මොකද මෙම NIMH බැටරි වල Cd අඩංගු වී නොමැති නිසා පරසර හිතකාමී වීමයි.
මෙම බැටරි වර්ගයේද කලින් සදහන් කල Memory Effect සංසිද්දිය සුළු වසයෙන් පවතිනවා, අවම වශයෙන් සෑම ආරෝපණ වාර 20 කට 1 සැරයක් වත් බැටරි එක සම්පුර්ණයෙන්ම විසර්ජනය කර තිබීමෙන් බැටරි එකේ කාර්යක්ෂම තාවක් ලබා ගන්න පුළුවන්. මෙහිදී ඇතිවන Memory effect සංසිද්දිය යම් යම් ක්‍රම මගින් තාවකාලිකව වලක්වා ගත හැකියි.

3)Lithium Ion (Li-Ion) Batteries

මෙම බැටරි වර්ගය තමයි වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය බැටරි වර්ගය . කලින් සදහන් කල බැටරි වර්ග වලට වැඩ මෙම බැටරි තාක්ෂණය අතින් ගොඩක් ඉහලින් තමා සිටින්නේ. NiCd, NiMH බැටරි වලට වඩා මෙම බැටරිය මිල අධිකයි . වර්තමාන වෙළද පොලේ මෙම බැටරි වර්ගය බහුල වශයෙන් දකින්න පුළුවන්.Memory effect සංසිද්දිය මෙම බැටරි වලට බලපාන්නේ නැත.
මෙම ලිතියම් අයන් බැටරි ප්‍රමාණය ඉක්මවා ආරෝපණය කිරීමෙන් බැටරි එකට damage වීමට ලොකු හැකියවක් තිබේ( නොනවත්වා එක දිගට පැය 24 කට වඩා ආරෝපණය කිරීම.)

4)Lithium Polymer (Li-Poly) Batteries

දැනට වෙළද පොලේ දකින්නට ලැබෙන තාක්ෂණයෙන් ඉහලම ජංගම දුරකථන බැටරි වර්ගයම තමයි මෙම Lithium Polymer (Li-Poly) බැටරි වර්ගය. මෙම බැටරි වලටද Memory Effect සංසිද්දිය බල පාන්නේ නැත.
මෙම බැටරිය ප්‍රමාණයේ වෙනත වර්ගයේ බැටරියකට වඩා 40% කින් වැඩි බැටරි ධාරිතාවක් මෙම බැටරි වල අඩංගු වේ, මෙහි මිල අනෙක් බැටරි වලට වඩා ඉහල
අගයක් ගනී.

ITbookmark ඔබ සැවොම සාදරයෙන් පිලි ගන්නවා.

සිංහල තොරතුරු තාක්ෂණය බ්ලොග් අඩවියට ඔබ සැවොම සාදරයෙන් පිලි ගන්නවා.
මෙහෙදී මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ IT වලට අදාල දේවල් සිංහලෙන් ගෙන ඒමයි.
අලුත් තාක්ෂණය ගැන සිහලෙන් ඔබට දැනුමක් ලබා දීමටයි .